අද හම්බන්තොට ජන ජීවිත විශාල වශයෙන් සංවර්ධනය වෙලා – කථානායක චමල් රාජපක්‍ෂ

posted on: 30-12-2014

අද – 2014.12.30

බෝගහ ඉඳිවැව නුවන්

චමල් අදමේ රටේ මිනිස්සුන්ට නිදහසේ ඇවිදින්නවත් බැරිව තිබුණු යුගයක මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ රජය යටතේ තමයි මේ රට නිදහස් නිවහල් දේශයක් බවට පත් කළේ. අද උතුරේ අයට දකුණටත්, දකුණේ අයට උතුරටත් යන්න එන්න පුළුවන්කම තියෙනවා” යයි පාර්ලිමේන්තුවේ කථානායක චමල් රාජපක්‍ෂ මහතා පැවසීය.

ඒ මහතා මේ අදහස් පළ කලේ සූරියවැව රම්මුදුවැව පැවති ජන හමුවක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කථානායක චමල් රාජපක්‍ෂ මහතා මෙසේද කීය.

“අද හම්බන්තොට ජන ජීවිත විශාල වශයෙන් සංවර්ධනය වෙලා. එදා මේ ප්‍රදේශයේ තිබුණු පැල්පත් නිවාස වෙනුවට උළු සෙවිලි කළ නිවාස හැදිලා. හැම නිවසකටම අවශ්‍ය ජලය හා විදුලිය ලබාදීමට පියවර අරගෙන තියෙනවා. සෑම නිවසකම පාහේ තමන්ට කියා කුමක් හෝ වාහනයක් තියෙනවා. මිනිස්සුන්ගේ අතේ වෙනදට වඩා සල්ලි ගැවසෙනවා. මේ පළාත මේ වෙනකොට විශාල දියුණුවක් ලබලා තියෙනවා. එදා සූරියවැව ඉඳලා ගොන්නොරුව හරහා හම්බන්තොටට යන්න පැය දෙකක් විතර ගියා. අද විනාඩි තිහෙන් සූරියවැව ඉඳලා ගොන්නොරුව හරහා හම්බන්තොටට යන්න පුළුවන් මේ දවස්වල සූරියවැව සිට අඩි 100 මාර්ගයත් හම්බන්තොට දක්වා කාපට් කරනවා. එම පාරත් තව නොබෝ දිනකින් හදලා ඉවර වෙනවා. මේ ප්‍රදේශවල ජීවත් වුණ අය කවදාවත් හිතුවද මෙ සංවර්ධනයක් මේ හම්බන්තොටට ඒවි කියලා. අද මේ පළාත්වල ඉඩම් මිල පවා ඉහළ ගොස් තියෙනවා. විපක්ෂයේ අය බොරුවට කෑ ගහනවා විතරයි. සංවර්ධනයක් නෑ. සංවර්ධනයක් නෑ කියලා. සංවර්ධනය පෙනි පෙනී තියෙද්දීම විපක්ෂයේ අයට තියෙන්නේ රට ගැන කැක්කුමක් නෙමේ. ජනාධිපත් මහින්ද රාජපක්ෂ මහතාගෙන් බලය උදුරා ගැනීමේ තණ්හාවක් විතරයි. මොකද මේ විදියට මුළු රට පුරා විවිධ දැවැන්ත සංවර්ධන කටයුතු වෙනකොට විපක්ෂයේ අය දන්නවා කවදාවත් මහින්ද රාජපක්ෂ මහත්තයාව පරද්දන්න බෑ කියලා.

Latest Video

Development Map