උත්තරීතර

posted on: 10-07-2014

Dinamina

 

 

 

කතානායක චමල් රාජපක්ෂ මහතා හොඳ තීරණයක් ගෙන තිබුණි. ආණ්ඩුවේත්විපක්ෂයේත් ඊට ප්‍රසංශාව හිමිවිය. අමාත්‍යාංශවල උපදේශක කාරක සභාවල වාර්තාමාසිකව ප්‍රකාශ කිරීම මේ තීරණයයි. අමාත්‍යාංශයක් සඳහා මන්ත්‍රීවරුන්ගෙන්සමන්විත උපදේශක කාරක සභාවක් පත් කිරීම සිදුකළ ද එය මාධ්‍යයෙන් වසන් කරතිබුණි.

උපදේශක කාරක සභාවක සිදුවන දේ රහසිගතව සිදුවිය. එහි සිදුවන්නේ කුමක්දැයිදන්නේ ඊට සහභාගි වූවෝ පමණි. තම අමාත්‍යාංශයේ ඕනෑම අයකු මේ කාරක සභාවට කැඳවීමටබලය ඇත. උපදේශක කාරක සභාව උසාවියකට සමානය. රාජ්‍ය ආයතනවල වාර්ෂික වාර්තාවනිකුත් වූ පසු ඒ පිළිබඳව විමසීමක් කිරීම මෙම කාරක සභාව හමුවේ සිදු කෙරේ.ආයතනවල දූෂණ අක්‍රමිකතා ගැන ප්‍රශ්න කිරීමට ද හැකියාව ඇත. නිලධාරීන් ටයිකෝට් පැලඳ මෙහි පැමිණෙන අතර පිටව යන්නේ ටයි කෝට් ගලවාගෙන දහඩිය පෙරාගෙනය.බොහෝ ලොක්කන් මේ කාරක සභාවට ඇත්තේ පුදුම බයකි.

කාරක සභාවේ සාමාජිකයින් වන මහත්වරු මෙහි දී හොඳ කරුණු ඉදිරිපත් කරති. ඇතිවනගැටලු විමසීමට කැඳවන නිලධාරීන්ගෙන් ප්‍රශ්න අසති. හොඳ කතා මේ සභාවක් තුළසිදු වේ. එහෙත් සමහර අමාත්‍යාංශවල උපදේශක කාරක සභා නොමැති ගානය. කිසි දිනකරැස්වන්නේ නැත. සමහර ඒවා රැස් වේ. එහෙත් සාමාජික මන්ත්‍රීවරු ඊට සහභාගි වන්නේනැත. පාර්ලිමේන්තුව තුළ කතාකරන්නට බැරි බොහෝ දේ කාරක සභාව තුළ කතා කරන බව අසාතිබේ. හොඳ ප්‍රවෘත්ති එහි තිබුණත් ඒවා ලියන්නට හැකියාවක් නොවීය.

කාරක සභාවේ වාර්තාවක් නිකුත් කිරීම ඉතා වටිනා ක්‍රියාවක් වන්නේ මේ නිසාය.ආයතනවල කෙරුවාව පිළිබඳව කළ විමසීම යම් මට්ටමකින් හෝ ජනතාවට දැන ගැනීමටඉඩ ලැබීම ඊට හේතුවයි.

ඉතිහාසයේ ප්‍රථම වරට උපදේශක කාරක සභාවේ වාර්තාවක් එළි දැක්වීම ආණ්ඩුවවෙනුවෙන් දිනේෂ් ගුණවර්ධන මහතාත් විපක්ෂය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාඅගය කළේය. මෙහිදී ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සිය උපදේශක කාරක සභාව 35 වතාවක්රැස්කර තිබුණි. එම අමාත්‍යාංශය සිය කටයුතු මනා ඕනෑකමකින් සිදු කළ බව එය හොඳ මසාක්කියකි. ඒ පිළිබඳව ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට ප්‍රණාමය පිරිනැමියයුතුයි.

එහෙත් අමාත්‍යාංශ හැට ගණනක් ඇතත් වාර්තා ඉදිරිපත් කර ඇත්තේ 15ක් පමණි.සමහර අමාත්‍යාංශවල කාරක සභාව රැස් වී නැත. වාර්තා ඉදිරිපත් නොකළඅමාත්‍යාංශවලින් කරුණු විමසන ලෙසට රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාවක්‍රියාවට නැංවීමට කටයුතු කළ යුතුය. එය යහපත් පාලනයකට හේතු විය හැකිය. එසේමමෙම කාරක සභාවල කටයුතු මාධ්‍ය සඳහා විවෘත කර එහි සිදුවන දේ මාධ්‍ය මඟින්ජනතාවට දැන ගැනීමට අවස්ථාව සලසා දෙන්නේ නම් එය ඉතා අගනා ක්‍රියාවක් වේ. එයපාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට හේතුවක් වනු නොඅනුමානය.මේ පිළිබඳවත් කථානායකවරයාගේ සැලකිල්ල යොමුවේ යැයි විශ්වාස කරමි.

විවාදයට ඊයේ (9) ගැනුනේ සමුද්‍ර දූෂණ වැළක්වීමේ පනත යටතේ වූ යෝජනා දෙකකි.විවාදයට යෝජනාව ඉදිරිපත් කළ වැඩබලන ඇමැති අබ්දුල් කාදර් මහතාය.ඇමැතිවරයා සභාවේ සිටියා නම් හොඳයි කියා කීවෙ කථානායක චමල් රාජපක්ෂ මහතාය.

විවාදයට සභාවේ දෙපැත්තේ ම මන්ත්‍රීවරු සිටියේ අතලොස්සකි. වරෙක සිටියේ කාදර්මහතා පමණි. මන්ත්‍රීවරුන්ට සභාව එපාවෙලාදැයි වරෙක සිතුනි. සභාව කල් දැමූඅවස්ථාවේ ප්‍රශ්න අසන විට ප්‍රශ්න භාර දී තිබූ මන්ත්‍රීවරුන් ද සිටියේ නැත. පසුවපැමිණි රවි කරුණානායක මහතා සිය ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා සිටිවිට ඊට විරෝධය පළ කළ ඒ.එච්.එම්. අස්වර් මහතා දැමූ පොයින්ට් එක වැඩ කළේය. යෝජනාවඉදිරිපත් කිරීමට නම කී විට අදාළ මන්ත්‍රීවරයා සභාවේ නොමැති නම් එම යෝජනාවඅහෝසිවෙනවා යැයි කීවේ අස්වර් මහතාය. එය දිනේෂ් ගුණවර්ධන මහතා අනුමත කළේය.

තමන් අසන ප්‍රශ්නය ඉදිරිපත් කිරීම මන්ත්‍රීවරයාට සභාව තුළ සිටීමට නොහැකි නම්එයට වාද කර ගැනීමට පෙර තමන්ගේ වගකීම හරිහැටි ඉටුවූවා දැයි තමාම සිතා බැලීම වටී.මෙහිදී අස්වර් මහතා නිවැරැදි මග පෙන්වීය.

– රන්ජිත් පද්මසිරි

Latest Video

Development Map