කථානායක ඇතුළු පිරිස චීනයේදී ජාත්‍යන්තර සාම දිනය සමරති

posted on: 10-10-2014

ලංකාදීප – 10.10.2014

සාගර විශ්ව විද්‍යාලය web
චීන සාගර විශ්ව විද්‍යාලයේ සභාපති මහාචාර්ය යූ ෂීගැන්ග් මහතා හා කථානායක චමල් රාජපක්‍ෂ මහතා අතර හමුවක්

චීන රජයේ අරාධනයකට අනුව කථානායක චමල් රාජපක්‍ෂ මහතා ඇතුළු කණ්ඩායමක් වයඹ දිග චීනයේ ෂාන්ෂී ප්‍රාන්තයේ ෂියං නගරයේ පැවති ජාත්‍යන්තර සාම දිනය සැමරීමේ උත්සවයකට සහභාගී වූහ.

‘වඩා ආරක්‍ෂිත ආසියාවක් උදෙසා‘ යන තේමාව ඔස්සේ පැවති උත්සවයට සහභාගී වී චමල් රාජපක්‍ෂ මහතා ඇතුළු දූත පිරිස ජිනන්, කුෆු සහ ක්වින්ඩාවෝ නගරයන්හි සංචාරයකද නිතර වී එම නගර පරිපාලකයින් සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වූහ.

ක්වින්ඩාවෝ නගරයේදී චීන සාගර විශ්ව විද්‍යාලයේ සභාපති මහාචාර්ය යූ. ෂිගැන්ග් මහතා හමුවූ කථානායකවරයා සාගර විශ්ව විද්‍යාලය තුළින් ජීවිතය ජය ගැනීමට ලාංකීය තරුණ තරුණියන්ට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් ද කළ අතර එහි ප්‍රථිඵලයක් වශයෙන් ශ්‍රී ලාංකික සිසුන් දස දෙනෙකුට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට හා මෙරට සාගර විශ්ව විද්‍යාලයට අවශ්‍ය විද්‍යාත්මක, තාක්‍ෂණික හා කළමනාකරණය පිළිබ‍ද දැනුම ලබාදීමට ෂිගැන්ග් මහතා කැමැත්ත පළකර ඇත.

කථානායකවරයා නැවත ශ්‍රී ලංකාවට පැමිණ අදළා බලධාරීන් දැනුවත් කර චීන සහයෝගීතාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස උපදෙස් ලබාදී ඇත.

Latest Video

Development Map