ජනහද දිනූ දේශපාලන නායකත්වයේ ආදර්ශය

posted on: 15-07-2014

Dinaminlogo2014.07.09

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට පිවිසි ඔබතුමාගේ දේශපාලන ගමන්මග දෙසට විපරම් කර බැලූ කළ අතීතයේ සිටම ඔබතුමා පැවත එන්නා වූ ආදර්ශවත් දේශපාලන ගමනේ විග්‍රහයක් පිළිබඳව අපගේ මතකය අවදිකෙරූ අතරම, වර්තමාන දේශපාලන වේදිකා තුළ ඔබතුමා නොමැතිකම අද සමාජයට මෙන්ම රටටම අඩුපාඩුවක් බව අපට හැගෙන ප්‍රධානතම කරුණක් වේ. කිමද යත් ආදර්ශයක් දෙන අයෙකු ආදර්ශවයක් දිය හැකි පුද්ගලයෙකු එම තැන නොසිටි නම් එම සමාජයට අඩුවක් සහ පාඩුවක් වීම විෂ්මයක් නොවන නිසයි. අද රටේ හා සමස්ත ලෝකයේම පක්‍ෂ හෝ වේවා, විපක්‍ෂ හෝ වේවා අන්තර් ජාතික මට්ටමේදී පවා අවාසනාවට වාගේ බොහෝ දුරට දැකිය හැක්කේ තවකෙකු පරයා කරන ක්‍රියාකාරකම් සහ ඔවුන්ගේ චරිත ඝාතනය සහ නොයෙකුත් ආකාරයේ මානසික සහ කායික පාගාදැමීම්ය.

ඔබතුමා දේශපාලන වේදිකාව තුළ වර්තමානයේ දක්නටවත් නොලැබුණත් ඔබතුමා පසුකර ආ දේශපාලන ගමන් මගේ අර්ථය අප විසින් හොවා දක්වන්නේ ඉමහත් සතුටින් සහ ඕනෑකමිනි. සෑමවිටම ඒ පසුකර ආ දේශපාලන වේදකාව තුළ ‘අදෘශ්‍යමාන‘ හස්තයකින් මෙන් ඔබතුමාට මුල්තැන, මුල් පුටුවට ප්‍රසාදය හිමි වූයේ පක්‍ෂ නායකත්වයට පවතින නෑදෑ හිතවත් සබඳතා නිසා නොව ඔබතුමාගේ නිහතමානී ආදර්ශවත් අන්‍යයන් පරයා නොයන මානුෂික හිතවාදී, කිසිවිටක අමානුෂික නොවූ මානුෂීය ගුණධර්ම නිසා බව අප වාගේම මුළු මහත් රටත්, සමාජයත් දන්නා කාරණයකි.

දේශපාලන වශයෙන් සිත්තැවුල් හෝ සුළු සුළු අමනාපකම් සිදුවන ඕනෑම කණ්ඩායම් අතර හෝ විවිධ පක්‍ෂ අතර හෝ විවිධ සමිති සමාගම්, සංගම් අතර ඔබතුමාට විරුද්ධ ලෙසට කිසියම් හෝ මතයක් නැතහොත් කිසියම් කථිකාවක් කිසිවිටක ඇති නොවීම අප මෙතක් අදහස් කරන ලද හේතූන් සදහා හොඳම සාක්‍ෂි බව ඔබතුමා ප්‍රමුඛ සියලු ලක්වාසීන්ට ද පෙනී යන සුපැහැදිලි කරුණක් වේ.

ඔබතුමා දේශපාලන වේදිකාවක් ඉතාම විශාල ප්‍රමාණයක් අතීතයට එක් කරමින් ඒවා ජය ග්‍රහණයක් ලෙසට එක් වූයේ අප විසින් ඉහතින් සඳහන් කරන ලද හේතූන් නිසා බව අමුතුවෙන් කිව යුතු වන්නේ නැත.

සෑම විටම විපක්‍ෂ මතධාරීන්ට, විපක්‍ෂකයන්ට, විපක්‍ෂ දේශාපලකයන්ට ඔබතුමා සුහදශීලීව ඇහුම්කම් දීම සහ ඔවුන්නොවුන් සමග සුහදශීලී හස්තයක් නිර්මාණය කරගනිමින් වැරැද්ද නිවැරැද්ද එකිනෙකාට තේරුම් කරදීමටත්, වැරදි කිරීමෙන් සහ වැරදි සිදුවන තැන්වලින් වැලකී කටයුතු කිරීමටත් ඔබතුමාගේ නායකත්වය තුළ වැරදි කිරීමට පෙළඹෙන්නන් පවා ශූන්‍ය කිරීමටත් ඔබුතමා පමණක් නොව ඔබතුමා නිසා අප රටම ලබපු ජයග්‍රහණයක් බවට අවධාරණය කළ යුතුය.

දේශපාලන වේදිකාවක් යනු වයස් සීමා බේදයකින් තොරව විවිධ වයස් කාණ්ඩයකට අයත්ව කුඩා අතදරුවාගේ සිට විවිධ ප්‍රමාණයේ විවිධ තරාතිරමේ පටන් මෙවැනි වේදිකා ආශ්‍රයට නොයෙකුත් අවස්ථාවලදී එක්රැස්වී සිටීම විශේෂයක් නොවේ. එය සාමාන්‍ය ගමක නගරයක සමාජයක පොදු ගති ලක්‍ෂයක් වේ. නමුත් වේදිකාවේ මුලසුන සිටම සියලුම වේදිකාව හොබවන්නන් අනුගමනය කළ යුතු සහ පිලිපැදිය යුතු කරුණු කාරණා සාමාන්‍ය ජන ජීවිතයට සහ මිනිස්කමට ද යටත් විය යුතුය. එය ඕනෑම සමාජයක පැවැත්ම පිණිස හේතුවනු ඇත.

එසේ පරාසය නොදන්නා මෙන් එවැනි පරාසයක් ගැන නොසිතා සිය කටයුතු කරන්නන් සිය මතයන් ඉදිරිපත් කිරීමට ප්‍රථම තමාට වේදිකාවක් ගොඩ නැගූ මිනිසුන්ගේ සහ එහි පැමිණ සිටින ළදරුවාගේ පටන් සියලු දෙනාගේම සිරිත් විරිත් පවා උල්ලංඝනය කරමින් කටයුතු කිරීම සමාජයට බොහෝ සේ පිළිකුල් සහගත ගති ලක්‍ෂණයක්වී ඇත. එසේම එතැනින් අවසන් නොවන දේශපාලන විචාරයන් අවසන් වන්නේ මනුස්සකම් අගයන සමාජයට බොහෝ සේ උදව් උපකාර සිදු කර තිබෙන මිනිසුන්ගේද සුළු හෝ වරදක් හොවා දක්වමින් චරිත ඝාතන සහ සහභාගී වී ඇහුම්කම් දී සිටින මිනිසුන්ගේ ද මනස විකෘති තත්වයට පත්වන අයුරිනි. ඉන්පසුව අවසානයේ සිදු වන්නේ ඔවුනොවුන් බලාපොරොත්තු නොවූ පරිදි තම අරමුණු ඉටු නොවීමයි. තවද අයුතු ප්‍රථිඵල ලැබීමකි. සාමාන්‍ය පරිදි බැලූ කළ එය විශ්මයක් නොව වැරදි සඳහා සමාජයෙන්ලද දඩුවම් වේ.

එසේ යන ගමනක ඔබතුමා දේශපාලන වේදිකාව මිනිසුන්ට හිසරදයක් නොකර ගත් අතර ඔබතුමා එම සියලු පටු අරමුණුවලින් බැහැරව සමාජයත්, රටත් ගැන සිතා කටයුතු කිරීම අද රටේ මෙන්ම ඔබතුමාගේ ද සියලු ජයග්‍රහණ සඳහා මුල් වූ බවට අප සෑම පිළිගන්නා කරුණක් වේ.

සෑමවිටම වේදිකාවක් මහජන මණ්ඩපයක් බවට පරිවර්ථනය කරගත් ඔබතුමා මිනිසුන්ගේ ගැටලු සහ ප්‍රශ්න සඳහා විසදුම් සපුරන අකාරයේ පිළිවෙතකට තමාගේ දේශපාලන හෝ වේවා වෙනත් පොදු මහජන වේදිකාවක ඔබතුමාගේ සභාව ඇමතීම සිදුවන්නේ සැමවිටම ජනහිත සුවපත් කිරීම පිණිසම වීම පොදු මහත් ජනතාවගේ ප්‍රසාදයට හේතුවිය.

කාලයේ අවෑමෙන් දේශපාලන වේදිකාවක වර්තමානයේ ඔබතුමාගේ කටහඩ අවදිවීමක් සිදුනොවීම වර්තමාන දේශපාලන වේදිකාවට අඩුවක් සහ පාඩුවක් ලෙසට පැවතීම රටේ අවාසනාවට හේතු වූවන් ඔබතුමා වර්තමානයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකතුමාවීම කොතරම් දුරට ඔබතුමාට මෙන්ම අප රටට ගැළපේදයත් මෙම ලිපිය කියවන සෑම අයකුටම වැටහී යන ප්‍රධානතම කරුණකි. එනම් ඔබතුමා තරම් සුදුස්සකු තවත් ඔබතුමා දරන තනතුරුවලට සහ ගෞරවයට නොමැති බවයි.

ඔබතුමාගේ වාසනාව අප හම්බන්තොට දිස්ත්‍රික්කයට වාසනාවකි. ජයගහ්‍රණයකි. තවද මුළු මහත් අභිමානයකි. අපගේ ප්‍රාර්ථනාව ඔබතුමා වැනි ‘ගරු චරිත‘ තව තවත් මේ දෙරණේ බිහිවේවා කියයි. අපි ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කර සිටින්නෙමු.

හම්බන්තොට දිස්ත්‍රික් රාජ්‍ය සේවකයන්ගේ එකමුතු ප්‍රජා සංසදයේ සභාපති අසංක දේශප්‍රිය කොඩි‍තුවක්කු ඇතුළු පිරිස

Latest Video

Development Map