තිස්සමහාරාම අංජලිපව්ව පින්බිමේ නව චෛත්‍යයට මුල්ගල තබයි

posted on: 8-01-2015

රිවිර – 2015.01.08

පේමසිරි අන්දරවිර – තිස්සමහාරාම

තිස්සමහාරාම අංජලිපව්ව චෛත්‍යයතිස්සමහාරාම අංජලිපව්ව ඓතිහාසික රජමහා විහාරස්ථානයෙහි අභිනවයෙන් ඉදිකෙරෙන නව චෛත්‍ය රාජයාණන් වහන්සේ සඳහා මුල්ගල තැබීම කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (06) සිදුකෙරිණි.

තිස්සමහාරාම ලුණුගම්වෙහෙර ඒකාබද්ධ භික්ෂු සංගමයෙහි මහා ලේකම් තිස්සමහාරාම පන්නගමුව උතුම් දියබැඳිය පුරාණ රජමහා විහාරය සහ අංජලිපව්ව ඓතිහාසික රජමහා විහාරය යන උභය විහාරාධිපති පූජ්‍ය මාගම මහානාම හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම චෛත්‍යරාජයාණන් ඉදි කෙරෙන අතර මීට ධන පරිත්‍යාගය කරනු ලබන්නේ පන්නගමුව ගල්මෝල් ව්‍යාපාරික රෝහිත ප්‍රියංකර අන්දරවීර සහ කුසුම් ප්‍රියන්ත අන්දරවීර යන මහත්වරුන් විසිනි.

මේ සඳහා රුපියල් ලක්ෂ පනහක ඇස්තමේන්තුගත මුදලක් වැය කෙරේ.

විහාරාදිපති පූජ්‍ය මාගම මහානාම හිමියන් සහ අංජලිපව්ව විහාරාධිකාරී පූජ්‍ය පිටිදූවේ විමල ශාන්ත හිමියන්ගේ මූලිකත්වයෙන් මෙම මුල්ගල් තැබීමේ උත්සවය සංවිධානය කර තිබුණි. කථානායක චමල් රාජපක්ෂ මහතා නව චෛත්‍යය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබූ අයුරු

Latest Video

Development Map